මවුපියන් යනු අප මිහිමත දුටු
දෙවිවරුන්සේයැයි මා පවසන්නේ හදවතිනි .ඒ මන්ද යත් මා පිය සෙනෙහස පාමුල ඇති දැඩි වන
දරුවාගේ හෙට දවස උදෙසා ඔවුන් සිදුකරන්නේ
අපරිමිත මෙහෙවරක් වන නිසාවෙනි. නෙතට නිදි නොමැතිව කුසට අහරක් නැතිව තම දරුවනට
හෙටක් තනනා දසකුත් මවුපියන් මේ ලෝ තලයේ අපමණක් වෙති. සන්සාර චාරිකාවෙහී අපමණක්
ගැහැට විඳ ඔවුන් දරුවාගේ හෙට දවස නිර්මාණය කළද ඒ මවුපියන්ගේ ගුණ සුවඳ හදුනන දරුවන් අද නොමැතිවීම අවාසනාවට කරුණක් ලෙස මා
දකිමි. මෙවැනි තත්ත්වයකින් හෙබි දරු පරම්පරාවක් රටට උරුම වී ඇත්තේ ඇයි දැයි දහසක්
දෙනා ප්‍රශ්න කලද එයට පිළිතුරු
දීමට මාද අසමත් වෙමි. නමුත් මා එක් කරුණක් කෙරෙහි ප්‍රධානව අවදානය යොමු
කරමි. යොවුන් ආදරය හදවතට සමීප වීම දරුවා
මාපිය සෙනෙහසින් දුරස් වීමට එක් හේතුවක් ලෙස මා දකිමි. ආදරය හදවතකට දැනීම ස්වභාවික
සිද්ධියක් බව සත්‍ය කරුණකි. නමුත් තෝරා බේරා ආදරය කිරීම සිදුවන්නේ පුද්ගල බුද්ධි
මට්ටම් අනුව වේ. එවැනි අවස්ථා වලදී විනාශකාරී මාවත් කරා ඇදී යන දරු පරපුර බහුල වේ.
එයට හේතුව දරුවා සතු අත්දැකීම් හීන
බාවයයි. දහසකුත් දුක් ගැහැට විඳ රත්තරන් මවුපියන් උරුම කරදුන් වටිනා ජීවිතය දරුවාට
අහිමි වී යන්නේ එනිසාවෙනී. මා දරුවාගේ භූමිකාව ට වඩා මෙවැනි තත්ත්ව හමුවේ අසරණ වන
මාපියන් වෙත අවධාණය යොමු කරමි. ලොව වසන
ඕනෑම මවක් හෝ පියෙකු සතු සොදුරු සිහිනය වන්නේ තම දරුවා වෙති. දෑතේ කරගැට කොපමණ
රිදුම් දුන්නද මහ පොළොව කමින් ගිනි අවුවට පිච්චෙමින් දහදුක් විදින රත්තරන් අප්පච්චිලා ලොව ඕනෑතරම් වේ.දරුදුක හදවත
පසාරු කොට නැගුනද නිහඩ ආදරයේ උල්පතක් සේ
අප්පච්චී පවුලෙහි සුබසෙත උදෙසා කැපවෙයි.ගෙදර බුදුන් අම්මා යැයි සම්මත මතය
ගොඩනැගෙන්නේ එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑවක් වන නිසාවෙනි. අම්මා යනු ලොව ඇති
මිහිරිතම වදනත් මිහිරිතම චරිතයත් ලෙස මා අත් දකින්නේ හද උපන් අපරිමිත භක්තියෙනි.
නිවහනෙහි ඇති සතුට උදෙසා ඇය තම දිවියෙන් කැප නොකරන දෙයක් නැති තරම්ය.ඒ අම්මාගේ
භූමිකාවෙහි වූ යථාර්ථය නිසාවෙනි. අම්මා මහපොළොවක් සේ සියල්ල සමසිතින් විදිම මහා
පුදුමාකාර කැපකිරීමකි. කෙසේ නමුත් අම්මාට දරුවා යනු ලොව ඇති වටිනාම වස්තුව වේ.
නමුදු මවු සෙනෙහසේ මහිමයෙන් මවත් රවටා දුදනට යන දරුවා මවු දෑස ඉදිරිපිට නැවත විඳවන්නට වීම
යථාර්ථයක් වේ. මෙවැනි වටපිටාවකදී සැබෑවටම අසරන වන්නේ සෙනෙහෙබර මාපියන් පමණි. කර දඩු උස්මහත් කොට අනන්ත දුක්
විද දරුවකු නිර්මාණය කළද අවසානයේ දරුවා අතින්ම ඒ
මවුපිය සෙනෙහස බිදී යන අවස්ථා කොතරම් ඛේදජනකයැයි සිතන්නටවත් අසීරු උවද
එවැනි අවස්ථා බොහෝ වෙති. සමාජයද අසරන මාපියන් ගැරහුමට පත් කරන්නේ සිත්පිත් නොහදුනන
සමාජයක් රටෙහි වෙසෙන බව සනාථ කරමිනි. ඇතැම්
අවස්ථාවලදී නීතියෙන් පවා ගැරහුමට
පත්වීමට අසරන මවුපියන්ට සිදුවේ. මෙවැනි අවස්ථා හමුවේ අසරන වන මාපියන්ගේ සිතැඟි කෙසේදැයි වචන
කිරීමට මා අසමත් වෙමි.නමුත් ඒ වේදනාව
උහුලන්නේ කෙලෙසකදැයි අදහන්නටත් නොහැක.එවැනි ඉරණමක් තම මාපියන්ට උරුමකරදීමට එම දරුවා කෙතරම් අවාසනාවන්තදැයි මදක් සිතන්න.
උස් මහත් වූ දරුවා මවුපියන් සුරකිනවා වෙනුවට මවුපියන්ට උන්හිටිතැන්ද අහිමි කරනා
දරුවන් මෙලොවට දායාද වීමත් පවුකාරකමකි. මා මෙහිදී කිසිවකුටත් දොස් නගන්නේ නැත.
නමුත් සියල්ල හමුවේ තැලෙන පොඩිවෙන මා පිය ජීවිත වල ගැබ් වූ වේදනාව කොතරම්දැයි
සිතමි. කාලය විසින් කළ පින් පවු අනුව ජීවිත හමුවේ උරුම කර දෙන්නාවූ යථාර්ථය මෙය බව මා මෙහිදී වටහා ගත්තෙමි.
Sunday, August 19, 2018
Subscribe to:
Post Comments (Atom)
නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන් කරන ඉගිබිගි ඇස් කතා නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...
-
යාපහුව පිළිබඳව අප හදුනාගතහොත් එය මාඝට මුහුණ දෙනු සඳහා සුභ සේනාපති විසින් ආරම්භ කරන ලද පර්වත දුර්ග බලකොටුවකි. කුරුණෑගල දිස්ත්‍රක්කයේ මහව ...
-
ප්‍රාසංගික කලාවක වේදිකාවට හිමි වැදගත්කම හා වේදිකාවක ස්වභාවය පිළිබඳව අධ්‍යනය කිරීමට ප්‍රමාණාවත් උදාහරණ පෙර අපර දෙදිග නාට්‍ය කලාවන්ගෙන් ...
-
ඉතාලියේ ආරම්භ වී ප්‍රංශයේ වර්ධනය වූ බැලේ ,1581 දී පළමු නර්ථනය වේදිකා ගත කරන ලදී. 1661 දී 14 වන ලුවී රජ බැලේ සඳහා ශ්රාස්ත්රාලයක්...


ammatai thaththatai nosalaka harina ihala samajeka wajabena daruwanta meka hoda paniwidayak me loke ammai thaththai gana kawe geetha liya wenne na dan mulu lokayema ammala thaththalata nirogi suwaya ath wewa....! adarei godaaak amme adarei godaaak thaththe
ReplyDeletebohoma sthuthi
Deleteඉපදීම සහ එහි අවස්තා කිහිපයකි.
ReplyDeleteබුදුන් මෙය කදිමට නිර්වචනය කරනවා.
ඉන් එක් අවස්තාවක් පමණි මෙය.
අම්මා තාත්තා යනු දෙමාපියන් බව අමුතුවෙන් කිව යුතු නැත. එය මිනිස් වර්ගයාේ ආරම්භයේ පටන් පැවත එන්නකි. එහෙයින් ඒ සම්බන්ධ කම් වල ඇති වටිනා කම අමුතුවෙන් කිව යුතු වේ. මන්ද ඒවා ගිලිහී යන බැවිනි.
නමුත් එතනින් එහා සම්භන්ද කම් ගැන සාකච්ඡා කිරීමත් වැදගත් වෙයි. මන්ද දෙමාපියන් වන්නේද ආදරවන්තයන් නිසාමය. මෙයද මිනිස් වර්ගයේ ආරම්භයේ පටන් පැවත එන්නකි. මෙයද ඉතා විමසිල්ලෙන් බැලූ කල වැටහෙන සනාතන කරැනකි.
ඔබ මම විවාහක වීමෙන් මව් පියන් බවට පත් වෙයි. එහිදී ඔබගේ මව පියා අමතක කිරීම සංෙක්තවත් නොකරන අතර තවත් සම්බන්ද කමක් ඇති වේ. මා කියන්නේ මෙයින් 1ක් ගන්න කියා නොවෙයි. සමබරව පවත්වා ගැනීමයි වැදගත්. පැවැත්මට අවැසි දෙමාපියන්ට ගරැ කරන සමාජයක් සේම, ආදරය ප්‍රේමය ද එහි පදනම ලෙස මතක තබා ගන්න.
මෙය චක්‍රයක් ෙස් සිතන්න.
අනෙක් කාරණය නම්
ඔබ අන් කවරකුටත් වඩා දෙමාපිය වන්දනාමාන කිරීමයි. යාවත්කාලීන සමාජ ව්‍යුහය තුළ ඔබ වැන්නවුන් අල්ප බව පිළිගනිමි.
ඔබ ආදරේ උල්පත ලෙස මා හඳුනාගන්නවා.
👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
eka harima lassanata oya liyaia thiyanawa aiya .eththatama hithata denena adahasa lassanata mata therum karala thiyanawa
Deleteගොඩක් ලස්සනයි අක්කා
ReplyDeletethanks dr..
Delete