Sunday, June 24, 2018

ඔබට කියමි.....

ඔබ......

හදවතින් දිවුරා මම නුඹට පුදදුන් .....
අමිල වු ආදරය හැරගියපු අපූරුව.....
මවිතයකි තවත් මට සත්තමයි මා සබද......
ආදරය කදුලක්ද ඉකි ගසයි සිත තවම.....

සාගරය පරදන්න ආදරය පිදුවමුත්....
හීන දහසක් අතර ජීවිතය විදි නමුත්....
දුක සතුට සම සිතින් විද දරා සිටි නමුත්...
සිත් අහස පාලු කර දුර ඈත ගිය නමුත්...

නුවන් යුග රිදුම් දී.. කදුලු කැට වැගිරුනත්...
තුන් හිතම හිරි වැටී...හදවතින් මියැදුනත්...
අදුරු කර මා දිවිය...නුඹ තුටින් නම් ඉතින්...
ඉඩ දුනිමි අවසරයි...සමුගනිමි මා ඉතින්.....


6 comments:

  1. ආදරේ පිවිතුරුය
    තවම නෑ නික්මිලා
    ඔබේ මෘදු ස්වරය ලඟ
    ජීවිතය නැවතිලා.........
    මතකයක පැටලිලා.....
    සිත අතරමං වෙලා.....
    ඔබම ඉල්ලා හඬයි......
    යලි එන්න යැයි කියා....


    නුඹ තැනූ කූඩුවේ
    සිර වෙලා ගුලි වෙලා
    සීතලේ උණුහුමට
    මගේ සිත හුරැ වෙලා........
    තනි වෙලා....
    නැවතිලා..
    සුසුම් පමණක් වෙලා ..
    සයුර සේ හැඬුම් දෙයි ..
    අහස් තල

    ReplyDelete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...