Sunday, August 19, 2018

යාපහුව රාජධානිය හා බුවනෙකබාහු රජ පාලනය


යාපහුව පිළිබඳව අප හදුනාගතහොත් එය මාඝට මුහුණ දෙනු සඳහා සුභ සේනාපති විසින් ආරම්භ කරන ලද පර්වත දුර්ග බලකොටුවකි. කුරුණෑගල දිස්ත්‍රක්කයේ මහව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යාපහුව 13 වන සියවසේ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශිත පැරණි නගරයකි. යාපහුව රාජධානිය ලංකාවේ සිවුවන රාජධානියයි. සිංහල බෝධිවංශය යාපහුව විශයෙහි සුන්දරගිරිපවුව යන නම යොදා ඇත. දළඳා පූජාවලියේ මෙම පවුව හදුන්වනු ලබන්නේ අයෝපබ්බත ලෙසිනි.
දෙවන පරාක්‍රමබාහු රජු ඇවෑමෙන් ක්‍රිස්තු වර්ෂ 1271 දී දඹදෙණියේ රජවූ හතරවන විජයබාහු හෙවත් බෝසත් විජයබාහු රජකම් කරන ලද්දේ වසරකටත් අඩු කාලයකි. මිත්ත නම් සෙන්පතියෙක් 1272 දී රජගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරවා ඔහු රජකමට පත්විය. සිහසුනට උරුමයක් නොවූ මිත්ත වැටුප් ප්‍රසාද දී සින්හල හමුදාපති තමන්ට පක්ශපාත කරවාගෙන බුවනෙකබාහු ආදිපාදයන්ද මැරවීම සඳහා චරපුරුෂයන් යෙදවීය. නමුත් බුවනෙකබාහු සතුරාහෙන්  බේරී යාපහුවට පලා ගියේය. ඒ අනුව පළමුවන බුවනෙකබාහු නමින් යාපහුවේ රාජ්‍ය කටයුතු අරඹන ලදී.  දඹදෙණියේ අවසන් පාලකයා වූ පළමු බුවනෙකභාහු රජු දඹදෙණිය අතහැර යාපහුව තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගන්නා ලදී.ඒ අනුව යාපහුවේ ආර්ම්භක පාලකයා වූයේ පළමු බුවනෙකබාහු  රජුයි. මොහුගේ රාජ්‍ය කාලය ලෙස 1272 - 1289 කාලය සැලකිය හැකිය. තම පියරජු මෙන් ශාසන සේවයෙහි යෙදුණු බුවනෙකබාහුගේ පාලනය මහා සංඝයාගේ හා පොදු රටවැසියාගේ ප්‍රසාදයට හේතු විය. තවද පිටරටවල් සමඟ වෙළඳ සබධතා ඇති කරගැනීමටද උත්සහ කරන ලදී.ඔහු විසින් මිසරයේ සුල්තාන් වෙත යවන ලද තානාපති පිරිසක් ක්‍ර ව 1283 දී කයිරෝ නගරයේදී පළිගන්නා ලදී. බුවනෙකබාහු රජ සමයේ මේ අනුව මෙරට ඇති  සම්පත් හා වාණිජ ශක්‍යතා පළිබඳව තොරතුරු හෙළි කරමින් වෙළඳ සබඳතා  ගොඩනගාගත් බව පැහැදිළිය. බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලයේ වැදගත්කම සම්බන්ධව සාකච්චා කිරීමේදී විදේශීය  සම්බන්ධතා යහපත් අයුරින්  ගොඩනගා ගැනීමත් දේශපාලන  අභියෝග වලට සාර්ථකව මුහුණ දීමත්  සැලකිය හැක. බුවනෙකබාහු රජුගේ දේශපාලන සබධතා වල උදාහරණ ලෙස ඊජිප්තු සුල්තාන් අධිරාජ්‍ය සමඟ ඍජු සම්බන්ධතා ගොඩනගා ගැනීමයි. 1284 දී බුවනෙකබාහු රජු මිය යන ලදී. නමුත් මේ කාලය  අතරතුර පරිපාලන මධ්‍යස්ථානය මාරු කිරීම ..දේශපාලන අභියෝග වලට මුහුණ දී ජය ගැනීම  යන කරුණු නිසාවෙන් පළමු බුවනෙකබාහු රජු මෙරට දේශපාලන ඉතිහාසයේ  වැදගත් තැනක් ගනී.
යාපහුවේ‍ වූ පුරාවිද්‍යාත්මක සාධක ලෙස

  • පිට නගර
  • පිට දිය අගල
  • පියගැටපෙළ
  • ඇතුල් අගල
  • ඇතුල් පවු
  • රජ මාළිගය
  • සභා ශාලාව
  • ද්වාර මණ්ඩපය
  • පර්වත මස්තකයේ නටඹුන්                       සැලකිය හැක.

7 comments:

  1. thanks yalu ape ithihasaya gana post ekak dammata godak watinawa

    ReplyDelete
  2. යාපහුව අ⁣පේ උරැමයක්
    ⁣ෙන්ද ?
    ඇයි ඉතින් අන්තිමට සීගිරියෙන් අවසන් කලේ.
    ආහ්
    හොඳයි,

    ReplyDelete
  3. මතකද යාපහුවෙ ගියා. එදා පිංතූර තියේ මා ලඟ

    ReplyDelete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...