Thursday, July 19, 2018

බැලේ සහ ඔපෙරා


ඉතාලියේ ආරම්භ වී ප්‍රංශයේ වර්ධනය වූ බැලේ ,1581 දී  පළමු නර්ථනය  වේදිකා ගත කරන ලදී. 1661 දී 14 වන ලුවී රජ බැලේ සඳහා ශ්‍රාස්ත්‍රාලයක් පිහිටුවන ලදී. අඩි උස පාවහන් , වෙස් මුහුණු , විශාල ශීර්ෂ පළඳනා මෙහිදී යොදා ගන්නා ලදී. රාජ සභා බැලේ රචනා කරන ලද්දේ ෂාන් බැපිටිස්ටි ලුලීය. පියරේ බියුෂෑම්ප් නර්තන රචනා කරන ලදී.බැලේ නර්තනයේ මූලික පා චලන 5 ස්ථාපිත කළේ ඔහුය. කලකදී රාජ සභා බැලේ ඉවත්ව ගියත් රදළ සමාජය පිනවීමට මෙය දිගටම පවත්වාගෙන ගියේය. වාචික අභිනයෙන් තොර අනික් අභිනයන් යොදා පාද වල ඇඟිලි තුඬු වලින් නවා මෙම නර්තනය සිදු කරන අතර අනගි වේදිකා පසුතල ඇදුම් එහි විය. ලන්ඩනයේ විසූ ජෝන් විවර් නර්තනයේ වචන ඉවත් කර නර්තනය හා අභිරූපණය යොදා අදහස් ප්‍රකාශ කරන ලදී. රොමෑන්ටික් බැලේ කාන්තාවන්ට ප්‍රමුඛතාව ලබා දෙන ලදී. නිදි කුමරිය හා හන්සවිල චයිකොවුස්කිගේ වටිනා නිර්මාණ විය. එහි රචනා අයිතිය හිමිවන්නේ මාරියස් පෙටිපාටය. ඔහු බැලේ නර්තනයේ ප්‍රාසන්ගික බව වැඩි කරන ලදී. පසු කාලීනව බැලේ රසස් නම් සමාගමක් ඇරඹිණි. ඔවුන් රුසියානු හා ආසියානු ජන අංග තේමා කරගෙන ඒකාංගික බැලේ රචනා කරන ලදී. රුසියානු නර්තකියක වන ඇනා පැවුලෝවා සමාගමක් පිහිටුවා ලොව පුරා සන්දර්ශන පවත් වන ලදී.

ඔපෙරාව ආරම්භයේදී රාජකීය විවාහ මංගල උපන්දින සාද වැනි කටයුතු සදහා ප්‍රභූ මන්දිර වලට සීමා විය. 1637 ප්‍රසිද්ධ  වැනිස් ඔපෙරා රගහල අරඹන ලදී. රදළ සමාජයට පමණක් වූ ඔපෙරාව ඉන් පසු සියලු වැසියන්ට පොදු විය. 1607 ඕපියුස් පුරාණෝක්තිය පළමු ඔපෙරාව විය. ඔපෙරාවක අන්තර්ගත වූ අංග ලෙස
රෙසිටටිවු  
ආරියා
ගායනා සමුුහය
ප්‍රාරම්භක ගායන
අතුරු වාදන
නැටුම්
පසු කාලීනව ඔපෙරා වෙනුවෙන් ගීත පොත රචනා විය. මෙහි නැටුම් බහුල විය. 16 වන සියවස අග වන විට වැනීසියේ ඔපෙරා රගහල් 7 ක් අරඹන ළදී. මේ සදහා පසුතල නිර්මාණය වූයේ එවිටයි.  17 වන සියවස වන විට වේදිකා උපකරණ ඉතා ඉහළ විය. ඔපෙරා රචකයන්ට වඩා ගායකයන්ට මූලික තැනක් ලැබුණි.තරු සංකල්පය බිහිවීමද විය. 1740 ජේ පි රමෝ ඔපෙරා රචනයට පිවිසෙන ලදී. මේ වන විට කොමික් ඔපෙරාව ඉතා වර්ධනය විය. මෙහි සන්වාද විය. එන්ගලන්තයේ බිහිවූ ඔපෙරා රචකයා හෙන් හුසෙල් නම් විය. මොහු වෙනිසියානු හා ප්‍රංශ ඔපෙරා තාක්ශණයේ ඇතැම් ලක්ෂණ එන්ගලන්තයට හදුන්වා දෙන ලදී. 18 වන සියවසේ නිපදවූ යාචකයන්ගේ ඔපෙරා පවතින ඔපෙරාවට සියුම් පහරක් එල්ල කරන ලදී. මෙහි රෙසිටිටිවු අන්තර්ගත නොවේ.මෙහි ප්‍රධාන චරිතය මැක්ගීත් මන් පහරන්නෙකුය.1756-1791 දක්වා සන්ගීතය දියුණු කළ ඔහු ඇමදියෙස්  මෝසාට් නම් අනගි නිර්මාණ කරුවා විය. ඔහුගේ නිරමාණ අතර වූ දොන් ජෝවන්ති වැදගත් තැනක් ගනී.



8 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...