Tuesday, August 21, 2018

සංගීතය



සංගීතය වූ කලී පුද්ගල හදවතට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල මාධ්‍යක් වේ. කෝපය, විරහව, වේදනාව වැනි මනෝභාවයන් තුරන් කිරීමටත් සතුට,ආදරය, සැනසීම අත් විදීමටත් සංගීතය තුළින් ලැබෙන්නේ මනා වූ පිටුවහලකි. අප සියල්ලෝම සුන්දර දේ විඳීමට ඉතා ප්‍රිය වන්නෙමු. මොහොතින් මොහොත වෙනස්වන මානුෂීය සිතුවිලි අතර තෙරපෙන මිනිස් ජීවිතවල හදවතට ඇමතීමට සංගීතයට හැකියාවක් ඇත. කලාකරුවා සහජාශයෙන්ම නිර්මාණශීලී වීමත් ඔවුන්ගේ  ප්‍රතිභාව මත ගොඩනැගෙන සංගීතය භාවපූර්ණ වීමත් අදට වඩා එදා බිහිවූ සංගීතය තුළ පැවතුණායැයි මා විශ්වාස කරමි. සංගීතය මහා සාගරයක් වැනිය. එහි දිය පහසක් අත් විඳීමත්  ජීවිතය නිරාමිස සුවයක් එක් කිරීමට හේතු වේ. රසය පුද්ගල ආත්මය සුවපත් කළද සියල්ලන්ටම රසය විඳිය නොහැකි බවත් සඳහන් කළ යුතුමය. නිර්මාණශීලී හදවතක් ඇත්තා අසුරුසැනින් රසය වැළඳගන්නා නමුත් දුර්ජන ගති වලින් යුත් පුද්ගලයාට තම දිවියේවත් සංගීතයේවත් රසයක් ලැබෙන්නේ නැත. ඒ මන්ද යත් පරාර්ථකාමී හදවතක් ඔවුනට නොවන නිසාවෙනි.මෙතෙක් කාලයක් පුරාවට ලොව පහළ වූ දැවැන්ත කලාකරුවන් සංගීතය වෙනුවෙන් සිදුකර ඇති මෙහෙවර විශිෂ්ඨය. ලාංකේය සංගීත සංස්කෘතිය තුළ ප්‍රේමසිරි කේමදාසයන් වැනි යුගයක වාසනාවට පහළ වූ දැවැන්ත නිර්මාණකරුවන් අතින් බිහිවූ සංගීතය පැසසිය යුතුමය. භාව , චිත්තාවේග, අදහස්, සිදුවීම් මනාව සුසංයෝගීකොට එය සංගීතය තුළින් මතුකර ශ්‍රාවක හදවතට මෙන්ම මනසට දායාද කිරීමට ඔහුගේ සංගීතයට වූ හැකියාව ප්‍රශස්තය. නිර්මාණාත්මක තේමාවන් මත සප්ත ස්වර සුසංයෝගයෙන් ගොඩනැගෙන සංගීතය පුද්ගල මනෝභාවයන් තුළ තැන්පත් වන්නේ නිර්මාණකරුවාගේ ශඛ්‍යතාවය මත බව පැහැදිළිව  සඳහන් කළ යුතුමය. ව්‍යාකූල මනෝභාවයන්ට ලක්වූවන් සංගීතය හරහා සිත සුවපත් කර ගන්නේ එබැවිනි.
ඇතැම් අවස්ථාවල වෛද්‍ය විද්‍යාව තුළද බෙහෙත් වලින් සුවකළ නොහැකි රෝගකාරක සුවපත් කිරීමට සංගීතයට හැකිවී ඇත. එසේ බලන කළ සංගීතය යනු භාවනාවකි. සමාජීය ප්‍රශ්න හමුවේ දැවෙන ජීවිතවල දුර්වල මානසිකත්වයන් යළි ගොඩනගන්නට සංගීතයෙන් ලැබෙන්නේ මනා පිටුවහලකි.
කලාව තුළින් අප ලැබිය යුත්තේ මෙවැනි රසයකි. නිරාමිස සුවයෙන් සුවපත්වන ජීවිතවල එවිට සාර්ථකත්වය උපරිම වනු ඇත. ගිලිහී යන මානුශීය ගුණධර්ම යළි හදවතට මතක් කර  දීමට සංගීතයට මාර්ගෝප්දේශකයෙකු වීමට සැබැවින්ම හැකියාව ඇත. කන් පුපුරවන සංගීතය වෙනුවට සුභාවිත සංගීත‍ය තව තවත් දහස් ගුණයකින් වැඩිවනවානම් එය නිතැතින්ම රටට ආශිර්වාදයක් වනු ඇත. මන්ද යත් එවැන්නක් තුළින් මානුශීය ගුණ දහමින් හෙබි නිර්මාණශීලී පරපුරක් රටට නිරායාසයෙන්ම දායාද වනු බැවිනි.

4 comments:

  1. සක්මන් කරන මළුව පාලුයි ⁣⁣⁣දේවී.....
    මං විතරයි නුඹ කිසි දිනෙක නොඒවී....
    ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....
    දස් කොන් සකි සඳ මා .................

    ....................................
    ....................................
    ....................................
    ....................................

    ....................................
    ....................................
    ....................................
    මා තනි කරන් එපා මතු සංසාරේ........

    ඔබේ ස්වරයෙන් ඇසීම තරම් සැනසීමක් තවත් නෑ

    ReplyDelete
  2. නු⁣ඹේ සිතුම් පැතුම් වලට මං හරි ආසයි
    ඒව හරිම මිහිරියි.
    නුඹ දක්ශයි. මං ආදරෙයි

    ReplyDelete
    Replies
    1. mamatah asai matath oyawa godak mihirii.e vagema oya dakshai.mama godak adarei

      Delete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...