Saturday, June 30, 2018

අප්පච්චිට


අප්පච්චි......


උපන් දා සිට අපව තැනුමට
ඉසිලු දුක්ගිනි අනන්තයි නුඹ
නුවන් කදුලැලි වසන් කරමින්
වැගුරු දාඩිය නිමක් නෑ ඔබ.......

ගතට නැති දිරි සිතට ගත් ඔබ
මහා සක්විති රජු වීය මට
අමාවක ඇති දිනට අහසට
නිවහනට පෑ පුරසදයි ඔබ........

විටක හිරුවන් දැඩි උනත් ඔබ
පපුව උණුසුම සද සිසිල විය
පීතු පාදං කියන හැමවර
නුඔ නුවන් කදුලැලි දුටිමි මම........

කප්පරක් ආදරය පුදදී
කප්පරක් රැකවරණ මට දී
දහම සුසිරිත ඉගැන්නුවා මට
අප්පච්ච් ඔබ පහන් ටැඹ වී.......💗

.




4 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...