Sunday, July 1, 2018

ඇය

වීදි දියණිය..........

ඇග පුරා දූවිලිය....
මුව පුරා කලු දැලිය.....
ඇදුණු නිය විසකුරුය....
නමුදු ඇය තව ඉතා ලදැරිය....

ලාමකය තව ඈට හිමි සම....
නමුදු මහ වණ ඇත දණිස මත....
කදුලු කැට ඇත නුවන් යුග තුළ....
නමුදු ඉවසයි ඈ සුසුම් හැර....

ඇය ඉදිරිපස කාසි බදුනකි....
ඇය නුවන් හැර පිහිට ඉල්ලති....
අන්ධ මව ඈ අසල නිහඩව ....
කල්පනාවක දුක් සුසුම්ලති.....

දීසියට එක කාසියක්...
වැටුණු විට මුව ඇත මලක්...
කුසගින්න රජයන දිනක්....
ඈට නැත එහි අරුමයක්...

දුක සැපය සමබරය ඈ හට....
පුංචි දූ සම සිතින් ඉවසන...
ඇයිද දහමක් පැවති අප රට...
දරු දුකක් අද අන්ධ මව් හට.....



4 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...