Thursday, July 19, 2018

වියපත් බඹරා........


අමරණීය නිර්මාණ……………
 .
පේරාදෙණිය සරසවිය තුළ අධ්‍යාපනය හැදෑරූ ධම්මික බණ්ඩාරයන් ගේය පද රචනා තුළින් තමන් සතු අනගි ප්‍රතිභාව සමාජ ගත කර ඇත. ඔහු අතින් ලියවුණු අනගි නිර්මාණ අතර මගේ පුන්චි රෝස මලේ ගීතයත් ,හන්තානට පායන සඳ ගීතයටත් හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහු රචනා කළ කාව්‍ය සංග්‍රහ අතරට 1990  අහෝ මිත්‍රවරුනි වැනි නිර්මාණ සැලකිය හැක.
 1926 ජූලි 21 දින උපන්  සේනාධිරගේ අමරසිරි පීරිස් ඇල්බට් පීරිස් හා ඇම් කේ ඇසිලින් යන යුවළගේ වැඩිමල් දරුවා විය. 1962 රජයේ සංගීත විදුහලට ඇතුල් වී අමරදේවයන් වැනි අමරණීය ගුරු ඇසුර ලබන ලදී.පසු කාලීනව දක්ෂ ගායකයකු මෙන්ම වයලින් වාදකයකු ලෙසද ඔහු කටයුතු කරන ලදී.
ධම්මික බණ්ඩාරයන්ගේ නිර්මාණාත්මක පද මාලාවට අමරසිරි පීරීස්  කලාකරුවාගේ හඞ ඒකාත්මික කරමින් ඩැනිස්ටර් පෙරේරාගේ ස0ගීතයට අනුව බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස මගේ පු0චි රෝස මලේ ගීතය සැලකිය හැක.
එක්තරා ගායක අත්දැකීමක් මෙහි ඇතුළත් වන අතර සංගීත පංති පැමිණි සිසුවියකට ගුරුසිතක හටගත් ආලයක් මෙහි හුවා දක්වයි.මෙහිදී ගායකයා නැතිනම් ගුරුවරයා වයසින් ඉතා වැඩිය. මෙම අත්දැකීම  ධම්මික බණ්ඩාරයන්   වස්තු විශය කොටගෙන එම ගීතය රචනා කර අමරසිරි පීරිස් නම් වූ අද්විතීය ගායකයා ලවා ගායනා කර සමාජ ගත කරන ලදී.
 කුඩා සිසුවිය පොඩි රෝස මලකට සමකල ඔහු වියපත් බඹරකුට තම චරිතය සමාන කරයි. ඇ‍ය ජීවිතයේ කෙදිනකවත් තම ගුරුවරයාගෙන් මෙවැන්නක් බලාපොරොත්තු නොවේ. එනිසා ඇය සිහිනෙකින්වත් මොහු නොදකින බව දැනත් ඔහු ඇයට  ආදරය කරයි. එසේ ගලායන අමරණීය ආදරයක් මෙම නිර්මාණයෙන් ඉස්මතු වේ.

8 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...