ඉවසිල්ලක් නැති - ගැලවිල්ලක් නැති - පටලැවිල්ල
විවාහයයි.
සිවු අක්ෂර සුසංයෝගයෙන් ගොඩනැගෙන ආදරය නම් වූ සංකල්පයේ පැවැත්ම විවාහය නම් වූ බන්ධනය තුළින් ස්ථාවර වේ.යොවුන් සිතට ආදරය ඉතා අවැසි අතර ඒ ඔස්සේ මම මගේය යන සංකල්පය මත ආදරයට ස්ථාවරත්වයක් විවාහය තුළින් එක් කරනු ලැබේ. ආදරය වූ කලී ජීවිතයේ වසන්ත සමයක් වැනිය. ඔබ ආදරය කරන තෙක්ම හෝ ඔබ ආදරය විඳින තෙක්ම ආදරය ඉතා මිහිරිය. ඇතැමෙක් සුන්දරව ආදරය විදින අතර තවත් අයෙක් ආදරය විදවනා අයුරුද සමාජයේ බහුලය. විවාහය තුළින් කඩදාසියක් මත අත්සනක් තබා දෙහදක් ඒකාත්මික වූ බවක් මතුපිටට පෙනුනද එහි යථාර්ථය පිළිබද ඇත්තේ ගැටලුවකි.
අද පවතින විවාහ සබධතා දෙස බැලූ විට එහි මායාව වගා කොට ඇත. දෙහදක සෙනෙහසක් වෙනුවට ලෝකයට ඉහළ ප්‍රතිරූපයක් මවා පෙන්වීමට විවාහය තුළින් උත්සහ ගෙන ඇත. ජීවිත තුළ ආදරයක් පෙනෙන්නටවත් නැත, නමුත් ව්‍යාජ අලංකරණය දැඩි පරිශ්‍රමයක් දරා ගොඩ නගා ඇත. විවාහය සැලසුමේ සිට විවාහය අවසන් වන තුරු වැයකරන මුදල්වල කිසිදු අරුතක් හෝ වටිනාකමක් නැත, විවාහය යනු තරුණ ජීවිතයට ලැබෙනා සුවිශේෂී වරප්‍රසාදය වන බැවින් අයෙක් දැවැන්ත විවාහ උත්සව සන්විධානය කරනු ලබයි. එය එසේ සිදු කළාට වරදක් මා දකින්නේ නැත. නමුත් එහි යථාර්ථය කුමක්දැයි මම ඔබෙන් විමසමි. ලක්ෂ ගණනින් විවාහය සිදු කළත් තුන් මසක් ගතවීමටත් පෙර වෙන්වීමට කටයුතු කරන ජීවිත අද ඕනෑතරම්ය. සෙනෙහස ආදරය විශ්වාසය හිත්මානයකවත් නැත. දූ දරුවන්ගේද වටිනාකමක් නැත. වෙන්වීමත් කලාවක් කොට ගෙන ඇත. මෙවැනි වටපිටාවක් මත කෙතරම් ඛේදජනක ඉරණම් ඉදිරියට නිර්මාණය වේද?සම්ප්‍රධායට අනුව විවාහය නම් වූ බන්ධනය උදෙසා එදා ජනයා විශාල වටිනාකමක් හා ඒ කෙරේ විශාල ගරුත්වයක් එක් කරන ලදී. ආගම මූලික කොට ගනිමින් පුද සිරිත් වලට මුල්තැන දෙමින් විවාහය සිදු කළ අතර ස්වාමි භාර්යා සෙනෙහසද එහි ඕනෑතරම් විය. දෙපාර්ශවයේ නෑ එකතුවෙන් සරලව විවාහය සිදුකර සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට එදා පරම්පරාවට හැකිවිණි.
නමුත් අද පරපුර ඊට හාත්පසින්ම වෙනස්ය. ඔවුන් තුළ බැදීම් කෙරේ අවබෝධයක් හෝ වටිනාකම්ක් නැත. ඇත්තේ මමත්වය මවා පෙන්වීමක් පමණි.දැවැන්ත හෝටල් සංකීර්ණ ,මල් සැරසිලි , නව සිරිත් විරිත් , සංගීත, නැටුම් සුඛෝපභෝගී පහසුකම් ,ආහාර පාන , ආලෝකය මේ සියල්ල වත්මන් විවාහය සතු වී ඇත. මුදල් මත සියලු අඩුපාඩු වසාගන්නට උත්සහ දරන සමාජ පන්තියක් බිහිවී ඇත්තේය.පෝරුවේ සිදු කරන පුද සිරිත්ද තමන්ට අවැසි කාල්යේදී අවැසි පරිදි සිදු කිරීමට ඔවුන් පෙළඹී හමරය. ජයමන්ගල ගාථාවටද නව තනුවක් එක් වී ඇත. මනාලිය මොහොතින් මොහොතට ඇදුම් විලාසිතාව වෙනස් කරනු ලබයි. විවාහ දින එළි දක්වන වීඩියෝව වෙනුවෙන් කාලාන්තරයක් මුලුල්ලේ රගපෑමට වෙහෙසේ. මිනිසෙක් දුටුවිට අවන්ක සිනහවක් පුද කිරීමටවත් පරාර්ථකාමී සිතක් නොවන්නන් විවාහය දිනත් වීඩියෝව පුරාවටත් සිනහවෙන් තොර ගෙවන මොහොතක් නැති තරම්ය.එතරම්ම අද විවාහය නවීකරණය වි ඇත.
විවාහය නවීන වූවාට වරදක් නැත. නමුත් පුද සිරිත් හා එහි වටිනාකමේ වෙනසක් නොවිය යුතුය. මන්ද යත් අතීත පරම්පරාව විසින් අපරිමිත ගරුත්වයකින් වත්මන් පරපුර වෙත එය ලබාදුන් දායාදයක් වන නිසාවෙනි. හෙළ කුළ සිරිත අගයමින් ඔවුන් විවාහය නම්වූ ආත්මීය බැදීම යථාර්ථයක් කොට ඇත. ඒ තුළින් ගුණ දහමින් ඔපවත් වූ ජීවිත ඔවුන් විසින් ගෙවන ලදී. විවාහය නම්වූ උහ්තරීතර තේමාව මත ඔවුන් සිය පැවැත්ම තහවුරු කරන ලදී. දහසක් කරදර බාධක මැද උවද විවාහ දෙදරා යෑමට ඔවුන් ඉඩක් නුදුණි. ඒ ඔවුන් විවාහයේ නියම අරුත දැන සිටි නිසාවෙනි. රමණීය ජීවිතය තුළ එළඹෙන වසත් සමය වූ විවාහ දිවිය අර්ථවත්ව ගෙවීමට නම් ඔබේ සහකරුවා හෝ සහකාරිය සුදුසුදැයි මුලින් නිගමනය කරන්න. ඒ ඒ සිතුම් පැතුම් වල ගැළපීමක් පවතී නම් එහි ආදරයක් ගොඩනැගෙන්නේ නිරායාසයෙනි. රැකියාවට දරාගත හැකි පරිදි සරල විවාහයක් තුළින් ඔබේ ආදරයේ ස්ථාවරත්වය ගොඩනගා ගන්න.එවිට ඔබ ජීවිතය විඳින බව ඔබට හැගෙනු ඇත.