Sunday, August 19, 2018

මත්පැන් වසංගතය


මත්පැන් සුරාව මීවිත වැනි නම් වලින් හදුන්වනු ලබයි. මත්පැන් වල මත්බව ඇති කරනුයේ මධ්‍යසාර නැමති ද්‍රවයකිනි. මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවැසි අමු ද්‍රව්‍ය වන්නේ තාපයත් සීනි සහ යීස්ට් යොදාගෙනය. පාෂාණ යුගය ආර්ම්භයේ සිටම මිනිසා  මධ්‍යසාර හදුනාගෙන සිටිබව විස්වාස කරනු ලැබේ. වාර්තාගත වී ඇති කරුණු අනුව ක්‍රි පූ 6000 වසර වනවිට වයින් නිෂ්පාදනය මැද පෙරදිග ඇරඹී තිබිණි. ඒ වන විට වයින් නිපදවීම සදහා මිදි වගා නොකරන ලද බවද වයින් නිපදවන ලද්දේ නිදැල්ලේ වැවූ වල් මිදි උපයෝගිකරගෙන බවද වාර්තා වී ඇත. ක්‍රි පූ 5000 වන විට ඊජිප්තුවේ වයින් නිශ්පාදනය ඉතා දියුණු තත්ත්වයක පැවති බව වාර්තා වේ. විදේශිකයන් ලංකාවට පැමිණීමට පෙර රහමෙර  සිරිලකද තිබූ බව සිතිය හැකිය. 1912 දී අමද්‍යප සබාව අරඹා මත්පැන් පානයෙන් ජනතාව මුදවා ගැනීමට කටයුතු කරන ලදී.

මත්පැන් වර්ග

ලංකාවේ විවිද ආයතන මගින් රජයේ අනුමැතිය මත නිශ්පාදනය කරනු ලබන විවිද මධ්‍යසාර ප්‍රමාණයන් අඩංගු නිශ්පාදනයන් වර්ග කිහිපයක් වේ. 


  • අතිවිශේෂ අරක්කු
  • පදම්කල අරක්කු
  • මිශ්‍රිත අරක්කු
  • දේශීය නිශ්පාදිත විදේශ මත්පැන්
  • බීර් නිශ්පාදන
  • බෝතල් රා  නිශ්පාදනය
  • ස්ප්‍රිතු නිශ්පාදනය                 ආදිය සැලකිය හැක.



මත්පැන් ව්‍යාප්ති

මහාබ්‍රිතාන්‍ය තුළ අවුරුදු දහසයට වඩා වැඩි අයගෙන් සියයට 47 ක් මත්පැන් ගන්නා අය වේ. සියයට 15 ක් දිනපතා මත්පැන් බොන අය වේ. මධ්‍යසාරයට ලොල් වූවන්ගේ ගණන 200000 සිට 400000 දක්වා වේ. ඇමරිකා එක්සත් ජනපදයේද මේ තත්ත්වය මීට වඩා උග්‍රය.  එහි මිලියන 6 ක් මත්ලෝලයන් ලෙස ගැනේ. සෝවියට් රුසියාවේ ජනගහනයෙන් සෑහෙන ප්‍රමාණයක් මත්පැන් හේතු කොටගෙන අසනීප විම් හා පාරම්පරික ආබාධ වලින් යුතු වී ඇත.

මත්පැනට පෙළඹීමට හේතු

කෙනෙකු එක්වරම බේබද්දකු බවට පත් නොවේ. මධ්‍යසාරයට ලොල්වීම මුලින් සීමිතව පාවිච්චි කළ අය පසු කාලීනව වඩාත් ඇබ්බැහි වේ. මේ අතර සමාජයෙන් කොන්වීම වැනි හේතුන් නිසාද ඇතැමෙකු මත්පැන් වලට යොමුවේ. ප්‍රචාරක මාධ්‍යද පුද්ගලයින් මත්පැනට යොමු කිරීමට තවත් හේතුවක් වී ඇත. මේ හරහා පුද්ගල ජීවිතයේ වීරත්වය උරුම කරගැනීමට ඇතැමෙකු උත්සහ දරයි. සතුටටත් දුකටත් මත්පැන් පානය කිරීම බොහෝ පිරිමින්ගේ සිරිතය. ඒ ඔස්සේ මත් වූ මානසිකත්වයක් හරහා වින්දනයක් ලැබීමට ඔවුන් උත්සහ ගනී.  ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම මත්පැන් වලට  ඇබ්බැහි වී සිටින අයුරු දැකගත හැක.

6 comments:

  1. mathin thora lowak goda nagima api hama denama ekata ekatu wela nirogi para purak goda nagamu...

    ReplyDelete
  2. හැමදාම බීපු මනුස්සයෙක්ට
    පුලුවන් උනා ඒකෙන් මිදෙන්න,
    කලින් කිව්ව වගෙම ⁣ඇබ්බැහි වීම තමයි මුල.
    හැබැයි ඒකට කවුරැම හරි මැදිහත් උනොත්
    ඒ කෙනා ආයෙ කවදාවත් මත් පැන් පානය කරන්නේ නැහැ.
    ගැටලුව තමයි සමාජ ක්‍රමය.
    පිළිතුරත් සමාජයේ ම තියෙනවා.
    හරියට කලින් ⁣drinks ගත්ත කෙනෙක් ආයෙ කවදාවත් ම නොබී ඉන්න තරමට වෙනස් කලා වගේ. මගේ දෝණී මේ ඇත්තමයි ඔයාට පිං මං බොන එක නවත්තලා දැං හුඟාක් කල් අවු 1 වැඩී. ඒ ඔයා නිසයි. අලුත් ජීවිතයක් මට දුන්නා thank you. අගය කරනවා සුදු මැණික .
    Proud of you.
    ☝️☝️☝️☝️☝️☝️

    ReplyDelete
  3. ☝️☝️☝️👌👌👌👌👌👍💜️

    ReplyDelete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...