Monday, June 18, 2018

සිත..........

සිතක අරුම......

ජීවිතය හරි පුදුමාකාරයි...සිනහවත් කදුලත් අතර වන්නා වූ පරතරය දශමයකි.ඒ තුළින් මතුවන යථාර්ථවාදී අර්ථය ඉතා පුලුල් වූවකි.සිතකට දුර ගමන් යා හැක. ජීවයකට යාමට අපහසු තැන් පවා ස්පර්ශ ‍කිරීමට සිතකට හැකියාව ඇත.ජීවිතයක තීරණ ගැනීම සිදු කිරීමට මුල් වන්නටද සිත අවස්ථාව සලසා ගනී.ඒ ගන්නා තීරණ ජීවිතයක් පුරාවට බලපාන අයුරු මහ පුදුමාකාරයි.ඇතැමකු තමන් ගැන තමන් ගත් තීරණ ගැන තවත් පාරක් සිතයි.තවත් සමහරකු පුලුල්ව සිතා තීරණ ගනී.තවත් සමහරකු තීරණයක් ගැනීමට බැරිව සිත හා සටන් කරයි.තවත් අයකු ගත් තීරණ නිසා දුක්වන අතර සමහරකු මුලු ජීවිතයම ගත් තීරණ නිසා විදවයි.එය ජීවිත යථාර්තයයි.සිත අපට අයිති බව සැබෑවකි.නමුදු සිත පාලනය කිරීම ඉතා කල්පනා කාරීව සිදු කල යුතුය.මන්දයත් එය අප ජීවිතය තීරණය කරනා බැවිනි.

6 comments:

  1. පසු තැවීමට හේතුව?

    ReplyDelete
  2. අත්දැකීමක් ද

    ReplyDelete
  3. පරිස්සමින් සිත හරිම දඟකාර යි.
    කියන දේ අහන්නෙ ම නෑ.

    ReplyDelete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...