Friday, June 8, 2018

ජීවිතය..........

මතුපිටින් සුන්දරවූත් සැහැල්ලු වූත් කුරුලු පිහාටුව ජීවිතය හා මම සසදමි. එහි ඇති ගති ලක්ෂණ ගැන සාකච්චා කිරම ඉතා වැදගත්ය.....කුරුලු පිහාටුව කුරුල්ලාට අයිතිය.... අත්තටු යුවල කුරුලු පිහාටු සමූහයක් එකතු වී නිර්මාණය වී ඇත.කුරුලු පිහාටු කුරුල්ලාට අහිමි වීම කුරුලු ජීවිතය අවසන් කාලය බව හගවයි.එය  ජීවිතය තුළ අනියත බව මනාවට පසත් කරයි.මිනිස් ජීවිතය තුළ සුන්දර වූ යම් යම් වැඩසටහන් වූවද ඒවායින් සැනසීමකට හා තෘප්තියකට පත්වීමට මිනිස් වර්ගයා අසමත් වී ඇත. කුරුලු පිහාටුවක් බදු සංකීර්ණ ජීවිතය කුමන අවස්ථාවකදී කුරුල්ලාට අහිමි වී යන අකාරයටම මිනිස් ජීවිතයද බාහිර අලංකරණ අතහැර කුමන අවස්ථාවක, ජීවිතය අතහැර  යා යුතු කාරණය ,නියාමයකි....එවැනි සංදර්භයක් තුළ මිනිසා ජීවිතය තව තවත් අල්ලා ගැනීම අවාසනාවට කරුණකි. ජීවිතය  පැවැත්මට  සබදතා අවැසි බව මම පිළිගනිමි.නමුත් ...............මදක් සිතන්න........ එකකට එකක් සම්බන්ධ වීම ජීවිතය හැටියටත් ඒවා විසන්ධි වීම මරණය බවත් මම හදුනා ගනිමි.........


3 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...