Thursday, July 5, 2018

පුලුවන්නම් උත්සහ කරන්න

තවත් වතාවක් හිතන්න......

අපි.... ජීවිතය නැමති රග මඩල තුළ රගනා නලු නිළියන් වීමු.අදහස්...සිතුවිලි...චර්යා.. විවිධාකාර උවද එකම අහසක් යට අපි ජීවිතය විදිමු.ඒ ගතවන කාලය තුළ ජීවිතයට එක්කාසු කරවන දුක සතුට අතරමැද ගලායන ජීවිතවල යථාර්ථය විමසා බලන්නට විටක සිතුනද සියල්ල අවසානය වන විට දුක පමණක් ඉතිරිවීම ධර්මතාවක් බව මට වැටහිණි.මිල මුදල මත වටිනාකම් තහවුරු වන විට තවත් දවසක් ගැන සිතීම උපහාසයට කරුණකි.නමුදු සියලු දනන් ජීවිතයට උර දී ඇත.උරුම වී ඇති ජීවිතය කුමන අාකාරයකට එනම් දුකින් නැතිනම් සතුටින් විදීමට අපි හුරු වී සිටිමු.නමුත් අප අවසානයට ඉතිරි කරගත් දායාදය කුමක්ද? මිල මුදලින් වත්කමින් ඔබ ඉහළ අයකු විය හැක.නමුත් මිනිසත් බවින් ඔබට හිමි ස්ථානය කුමක්ද? දැනුමින් ..වත්කමින් අප ධනවත් වීම වැරදි නැත.නමුත් එයට මිනිසත්කමත් එක් වූ විට හිමි වන වටිනාකම ගැන මදක් සිතන්න....ආයාසය මගහැර හදවතින් පුද්ගලයකු අගයන්න....සිනහව...සතුට .....ආදරය..... අතරමැද අවංකව  ගුණධර්ම පිළිපදින්න....බාධක පැමිණියද...හිත් රිදීම් වූූවද .....ඔබ එය සම සිතින් දරයි නම් ඔබ ධනවතකු වී හමාරය...මිනිසත් බවට ගරු කරන්න...පුලුවන්නම් උත්සහ කරන්න.මුදලට පළමුව ජීවිතයට වටිනාකමක් එක්කරන්න...

2 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...