Saturday, July 14, 2018

කලා රසය

වංකගිරියට මාරුවීම

එදා රත්න ශී්ූු නම්වූ යුගයක වාසනාවට පහළ වූ අද්විතීය කලා කරුවා රටටත් සමාජයටත් සිදුකල ඇති දායාදය අතිමහත්ය. තම නිර්මාණ සිය පාඨකයාට භාවපූර්ණ විලස එක් කිරීමට ඔහුට හැකි වී ඇත.ඔහු විසින් සිදුකල නිර්මාණ අතර වංකගිරියට මාරුවීම මා දුටු අනගි නිර්මාණයකි මා එහි වඩාත් අගය කර සලකන පද පිළිබඳ
විමසමි.

සිය දයාබර බිරිඳව නිවස තුළ රදවා දූදරු අනාගතය සුරක්ෂිත කරන්නට රැකියාව සඳහා යන දයාබර සැමියකු තම සිතුවිලි අතර සිදුකරන අද්විතීය වදන් සමූහයක් එම නිර්මාණය තුළ අන්තර්ගත වී ඇත. කදුලු කැට පිසදමා අලුත් දවසක ඇරඹුමකට තනිව සටන් කිරීමට ඔහු ඇයට උගන්වයි.  පුංචි දරුවන්ට අකුරු කරවීමටත් අසනීප සිදුවූ විට රැක බලා ගැනීමටත් සමාජ පංතිය හමුව මත කුණු බැනුමින් විටක දිවි සැරසීමටත් ඇයට සිදුවන නමුත් ඒ සියලු දෑ ඇයට පවරා සැමියා රැකියාව සඳහා යන අවස්ථාවක ඔහු ඇයට වූ ආලය කවිපද හරහා මතු කරන අයුරු ඉතා අපූරුය.

කිරි ශිරා දහසක් ළමැදට ඇදී ආවත් පියයුරන් බිම බලා සිටියත්  දහසකුත් දුක් ඉදිරි දිවිය තුළ දරා ගැනීමට සිදුවන බව සැමියා ඇයට පවසයි.නමුදු පණ විලස දරුවන් සුරකින්න යැයි ඇයට අවධාරණය කරයි.ඔහුට තම බිරිඳ සඳ මඩලකි.  තම නිර්මාණය අවසානය තුළ දි දයාබර බිරිඳක විලස හිමාලයට විත් සිත මත සඳුන් තවරන්න යැයි ඔහු ඉල්ලා සිටී.
නිර්මාණය ඒ අයුරින් නිමා කළද තම නිර්මාණය හරහා අපූර්ව සිදුවීම් රැසක් පාඨකයාට දායාද කිරීමට ඔහු සමත් විය.


4 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...