Tuesday, July 17, 2018

කලාව යනු


කලාව යනු

අපරදිග ශිෂ්ටාචාරයේ ආරම්භය සිදුවන්නේ ග්‍රීසියෙනි. එවක ප්ලේටෝ නම් දාර්ශනිකයා කලාව මෙසේ අරුත් ගන්වන ලදී.
"කලාවට ජනතාවගේ ගුරුවරයා වීමට අයිතියක් නැත, එය උන්මාදයක් වැනිය. රාජ්‍යයෙන් පිටමන් කළ යුතුය යන්නයි."
ප්ලේටෝ ගේ ශිෂ්‍යයා වූ ඇරිස්ටෝටල් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන ලදී.
"කලාවට කාර්යයක් ඇති නිසා බැහැර කල නොහැකි බවත් , මනස සුවපත් කිරීමට කලාවට හැකි බවත්  ජීවිතයට අරුත් ගැන්වීමට ඉන් හැකි බවත් ,ජීවිතයට ගුරුවරයෙකු වීමට කලාවට හැකි බවත්ය."
කලාව තුළ ප්‍රබල මනෝභාවයන් ප්‍රකට වෙයි. එම නිසා කලාවට ප්‍රබලත්වයක් ඇත. ඇරිස්ටෝටල් ව්ද්‍යාත්මක පසුබිම මත කලාවේ ශඛ්‍යතාවය අරුත් ගන්වන ලදී. යුනෙස්කෝ උරුමයක් ලෙස කලාව ගැන ප්‍රබලව අවධානය යොමු කර ඇත. කලාව අතීතයේ රට ගැන හෝ පෙරදිග අපරදිග ජාතිකත්වය ගැන වර්ගීකරණය විණි. සමූහ නිර්මාණයක් බිහිවීම සාර්ථකය. මෙහි නිර්ණායක සමූහයකි. ප්‍රේක්ෂක සම්ණූහයක් ඉදිරියේ නිර්මාණයේ සාර්ථකත්වය  ප්‍රසා0ගික කලාව වේ. ප්‍රසා0ගික කලාවක් සජීවී විය යුතුය. අනුන්ගේ වේෂයකින් හෝ ස්වකීය වේෂයකින් නරඹන්නා ඉදිරියට පැමිණිය යුතුය. ඔවුනොවුන් අතර සහසම්බන්ධය වැදගත් වේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිශය වැදගත් කොට සලකයි. කැමරා කාචයෙන් රූගත කොට ඉදිරිපත් වන සිනමාව රූපවාහිනී මාලා නාටක ප්‍රේක්ෂකයාට මේ අවස්ථාව ලබා දෙන්නේ නැත. ඒ අයුරින් මෙම කලාව ගැන සාකච්ඡා කළ හැක.




6 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...