Tuesday, July 10, 2018

උන්මාද වූ ආදරය

 උන්මාද වූ ඇය

එක්ටැම් මැදුරක සිර කර තැබුවද
ආලය  කෙලෙසද සගවන්නේ...
දීඝ ගාමිණී කුමරුගෙ ප්‍රේමෙන් 
මුසපත් මම චිත්රා වන්නේ.......
ලොවේ මිහිර දෙනුවනින් විඳින්නට
සොයුරන් මට ඉඩ නැහැ දෙන්නේ...
යොවුන් හදවතට ආදර රසයක්
සොයමින් කුටියක ලතවෙන්නේ.....
කුමරු ගාමිණී සෙනෙහස පාමුල
මව් පදවිය මා ලැබගන්නේ....
සොයුරන් දසදෙන කෝපෙන් මත්වී
පුතුගෙ උපත තෙක් ලතැවෙන්න‍ේ
සුන්දර රූපය හිමිවුනෙ ඇයි මට
එබැවින් අද දුක උපදින්නේ....
දසමස කුස දැරු මගේ පුතණුවන්
කෙලෙසද මැරුමට ඉඩ දෙන්නේ...
විළි රුදාව කුස දෙදරා කකියයි
ගිනි කන්දක් සේ දරු දුක ඇවිළෙයි...
සොයුරන් දසදෙන කෝපෙන් දෙස්දෙයි...
මේ කරදර මැද මගෙ පුතු බිහිවෙයි....
මව් පදවිය ලබමුත් මේ දිවි මග
උරුමය නැහැ දරු සුරතල් විඳිනට...
පණ රැකුමට මා පුතුහට හෙටදින
ගොපලු ගමක් වෙත යැව්වයි  ශෝකෙන...
දෙතන එරුණු කිරි කෙසේ පොවන්නද
තුරුලට ගෙන කෙලෙසින් නළවන්නද...
මව් සෙනෙහස කෙලෙසින් පුද දෙන්නද
කෙසේ පුතුනි නුඹ නොබලන් ඉන්නද....
දිනක පුතුනි ඔබ මහ රජු වීලා
මව් රට රකිණුය සෙනෙහෙ පුදාලා...
දුරස් කළේ නුඹෙ හෙට ගැන හිතලා
දෙවියනි බාරයි මගෙ රජ කුමරා.........

8 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...