Sunday, July 8, 2018

මිහිරි ගිය දුර ගමන

 මිහිරි

නිල් උපුල් මල් මිටිය
දෑත මත රදවාන
උදා හිරුටත් කලින්
ඈ ගියා පාසලට......
පළමු අසුනම ඇයට
අපි දුන්නා හැමවිටම
එතරම්ම ඈ එදා
කැපවුණිය පාඩමට.....
කාලයක් ගතඋනිය
මිහිරි දැන් තරුණ විය
දිගු නීල වරලසට
දුටු දනන් වශී විය.....
ආලයක හිත වැටී
පාඩමින් දුරස් වී
මිහිරි ගිය දුර ගමන
තවම හීනයක් වී.....
දුටිමි මම ඈ එදින
මවක් වී ඔහු සමග
නුවන් කදුලැලි මුවින්
ඇමතීය ඈ මාව...
කියන්නට යමක් තව
නැතිනමුත් ඈට තව
සිනාසී හදවතින්    
සමුදුනිමි ඈට මම........

8 comments:

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...