Tuesday, July 24, 2018

ගීතය එදා සහ අද


" ගායතීතී ගීතං"


ගායනා කරන්නේ කුමක්ද එය වූ කලී ගීතයයි. ගීතයක් නිර්මාණය තුළදී ප්‍රධාන  භූමිකාව හිමි වෙන්නේ ගේය පද රචකයාට වේ. තම අත්දැකීමක් හෝ අන්සතු අත්දැකීමක් මෙන්ම පොත පතින් සමාජයෙන් ලද දැනුම ගේය පද රචකයා තම අනුභූතිය කොට ගනී.කෙසේ වෙතත් සාහිත්‍ය ඇසුර මත සාර්ථක නිර්මාණයක් බිහිකළ හැකිය.  එදා කලාකරුවා අදට වඩා දියුණු චින්තනයකින් හෙබි පුද්ගලයකු බවත් සමාජ යථාර්ථය තම නිර්මාණ හරහා සමාජ ගත කිරීමටත් උත්සහ ගත් අයුරු එම නිර්මාණ හරහා මනාවට පැහැදිළි වේ. රස නිෂ්පත්තියට කිසිදු හානියක් නොවන්නට ඔවුන් තම සකලවිද කුසලතාවයන් හසුරුවා ඇති අයුරු  ප්‍රතිභාපූර්ණය.  ජත්‍යාලය ඔප් නන්වමින් සමාජ සංස්කෘතිකමය  වපසරිය සංවර්ධනයට ඔවුන් තම නිර්මාණ හරහා දායකත්වය  එක් කරන ලදී. එදා ගීතයෙහි ගැබ් වූ රසය  අදටත් යාවත්කාලීනය. මා වර්තමාන කලාකරුවා විවේචනය කරන්නේ නැත. නමුත් එදා සහ අද පවතින ගීත වල රසය කෙරෙහි මොහොතකට අවධානය යොමු කරමි. ඒ මන්ද යත් එදා වූ ඒ සුභාවිත ගීතය තුළින් අපි වැළදගත් දෑ බොහෝ වූ නිසාවෙනි. කාලය කොතරම් වේගයෙන් ගලා ගියද තාක්ෂණය කෙතරම් දියුණු උවද පුද්ගල  මනෝභාවයන් වල  වෙනසක්  සිදු වී නැත,. රසය ආත්මය කොටගත් මිනිසුන් අදටත් සමාජ සංස්කෘතියේ බහුලය. ජීවිතය තුළ ගැබ්වූ යථාර්ථය  එදා ගේය පද රචකයා මසැසින් දැක තිබුණි. මතුපිටින් නොපෙනෙන නමුත් එහි වූ අන්තර්ගතය ව්‍යංගාර්ථවත්ව පද ගැන්වූ ඔවුන් පුද්ගල මනෝභාවයන් වෙත ලෙංගතුව ආමන්ත්‍රණය කරන ලදී. ජීවිතයේ වූ නීරස සිද්ධීන් කැටිකොට ඒ තුළින්ද රසයක් ඉස්මතු කිරීමට උත්සුක විය. දුක සතුට අතර මැද  ගලායන ජීවිතය නැමති රඟමඩල තුළ ගේය පද රචකයා විටෙක අනුගාමිකයෙක් ලෙස අපූරවාදර්ශ ගෙන දෙන ලදී. නමුත් අද වන විට  බිහිවන ගීතවල වූ පදමාලාවෙහි මා එවන් අපූර්වත්වයක් නොදකිමි. ගීතය පුද්ගල මනෝභාවයන් විකෘති  කරවනා යෙදුම් කාරකයක් වැනිය. අද ගීතය තුළින්  රසයක් අත්විදීම වෙනුවට ඒ පිළිබඳව තවත් වතාවක් කණගාටු වීමට  සිතේ.
එදා වූ රසයට අද වන විට සිදුවූයේ කුමක්ද ? අනාගත පරපුරට වර්තමාන ගීතය හරහා ලබාදෙන්නේ කුමක්ද ? වර්තමාන ගීතය මත සාහිත්‍ය රසය අන්තර්ගත නොවන්නේ ඇයි ?
 උපදිනා ගැටලු  රාශියකි. පිළිතුර ඇත්තේ වර්තමාන ගේය පද රචකයා මතය. රසය ආත්මය කොටගත් නිර්මාණ බිහිකරන ගේය පද රචකයින් අනාගත පරම්පරාවේ වාසනාවට හෝ නැවත බිහිවේවායි ප්‍රාර්ථනා කරමි.

7 comments:

  1. eda rasai
    adath rasai
    githaya hearth rasai
    namuth mehi kumak ho venasak athi bava obage arthayai
    eya nm eda adahasa prakasha kirimata vyangarthavath bas vaharak bavitha kirimai.
    ada veddi sini bola sarala basvaharakin githa rachana vimai.
    onna oya karanava nisa edata vada ada githaya venas. me thathvayata pradana hethuva venneth samaja, sanskruthiya,arthika vatapitava ma nada. a kohoma unath mevan yugayaka githaya gana vimasa balima agaya karanava.
    hodaii, lassanaii

    ReplyDelete
    Replies
    1. godak godak godaak sthuuthiy. mata vadaa godak lassanata oyaa liyanawaaa.

      Delete

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...