Tuesday, July 24, 2018

ඇගේ හඬ සහ ඔහුගේ රචනය


1943 අගොඅස්තු  23 උපත ලැබූ මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා නම් වූ ඇය ශ්‍රී ගුණානන්ද විදුහලින් සහ භාත්ඛණ්ඩෙ විදුහලින්  සිය සංගීත නිපුණතාව ප්‍රගුණ කරන ලදී. අනතුරුව කලාවට පිවිසි ඇයගේ කුලුදුල්  චිත්‍රපට ගී නිර්මාණය වූයේ ගලන ගගකි ජීවිතේ ගීතයයි. ඇගේ සාර්ථක නිර්මාණ අතරට පෙර මග ..පහන් කන්ද ,.පවන ගී එකතුව, හේමන්තයේදී, කිරිමදුවැල්, ලන්ඩනයේදී ගැයූ ගී, පෙම්බර ලංකා, නිලම්බරේ, මලට රේණු,  සාරි පොඩ්ත්තක්  ආදී නිර්මාණ  රැසක් සැලකිය හැක. ඒ අතරින් ලූෂන් බුලත්සිංහලයන්ගේ පද රචනයට ඇය විසින් සප්ත ස්වරය එක්කොට ඇති ආකාරය ඉතා ප්‍රශස්තය. පද මාලාවේ වූ ප්‍රබලත්වයත් කටහඩෙහි වූ මධුර රසයත් නිසාවෙන්ම එහි ගැබ්වී ඇති රසය ඉමහත්ය. මවක් තම දයාබර දියණිය අමතමින් සිදුකරන අපූර්ව වූ ආත්මීය ආයචනයක් මෙහි වේ.


' ලොව වසන්නාවූ සුවහසක් වූ මවුවරුන්ට තම ආදරණීය දියණිය යනු  පිපුණු මලකි. ඇගේ වටිනාක්ම ඇය දන්නේ නැත. ඇය තරුණ වියට ඉක්මෙන විට  මවක් සිටින්නේ දැඩි විමසිල්ලෙනි. සුන්දරත්වය තම දියණිය  සතු උවද  නිවසෙහි වූ දුප්පත්කම නිසාවෙන් මව විටෙක පසු තැවුණද  දියණියගේ විවාහය සිදු වන විට මුලු සන්තකයම ඒ වෙනුවෙන් යෙදවීමට මව බලාපොරොරොත්තුවෙන් සිටී. කටු මැටි බිත්තියෙන් සපිරි නිවහන තුළ තම ප්‍රාණයට සම දියණිය අත් විදින කටුක වූ අත්දැකීම් මවක් ලෙස ඈ ඉතා වේදනාවෙන් දරාගනී. පාලු වී ඇති ඇගේ කරට මාලපොටක් දැමීමට වත්කමක් නොවන බැවින් නිවසෙහි වූ වීදුරු කැඩපත බිද දැමූ බව පවසන්නේ රස විඳින්නන්ට සුවිසල් ව්‍යංගාර්ථයන් රැසක් දායාද කරමිනි.

"ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ." .

කටුක වූ දිවි මග තුළ යුවතියකගේ හෙටක් ගැන සිතීමත් බියකරුය. එළියක් නැති ගැඹුරක් දෙස බලා  සිනාසෙන යුවතිය හරහා ප්‍රබල වූ  චින්තාවක් මතු කර ගැනීමට රචකයා මෙහිදී උත්සහ දරා ඇත. අවසානයේදී මව තම සෙනෙහෙබර දියණියගෙන් තම සිත නොතලන ලෙස අයදියි. සමාජයේ එදාටත් අදටත් වඩාත් ගැළපෙන අපූර්ව වු තේමාවක්  මත මේ ගීතය ගලායයි. අදටත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්නාවූ කොපමණ  මවුවරුන් ඇත්ද? කොපමණ දියණිවරු වේද?
දරුවන්  වූ කලී මවත් පියාත් මේ විශ්වය තුළ ලබනා වටිනා වූ සම්පතකි.දරු ගැබක් කුස දැරූ දා පටන් මවක් පියෙක් අත්විදිනාවූ ගැහැට අපමණකි. එවන් වූ ආත්මීය  පසුබිමක  දිළිදු කම මගහැර දරුවන්ට හෙටක් තනන්නට අනන්ත වූ දුක් විදින දහසකුත් මවුපියන් මේ විශ්වයේ ඕනෑ තරම් වේ. එවැනි වූ තේමාවක් මත  දහසකුත් හීන පොදි බදින යථාර්ථය මැන්වින් වටහා ගත් මවක්  ප්‍රස්තුත කරගනිමින් මෙම වටිනා නිර්මාණයට  නන්දා මාලනියගේ කටහඩ එක්කොට එහි වටිනාකම තවත් වැඩි කොට ඇත.

ගීතය එදා සහ අද


" ගායතීතී ගීතං"


ගායනා කරන්නේ කුමක්ද එය වූ කලී ගීතයයි. ගීතයක් නිර්මාණය තුළදී ප්‍රධාන  භූමිකාව හිමි වෙන්නේ ගේය පද රචකයාට වේ. තම අත්දැකීමක් හෝ අන්සතු අත්දැකීමක් මෙන්ම පොත පතින් සමාජයෙන් ලද දැනුම ගේය පද රචකයා තම අනුභූතිය කොට ගනී.කෙසේ වෙතත් සාහිත්‍ය ඇසුර මත සාර්ථක නිර්මාණයක් බිහිකළ හැකිය.  එදා කලාකරුවා අදට වඩා දියුණු චින්තනයකින් හෙබි පුද්ගලයකු බවත් සමාජ යථාර්ථය තම නිර්මාණ හරහා සමාජ ගත කිරීමටත් උත්සහ ගත් අයුරු එම නිර්මාණ හරහා මනාවට පැහැදිළි වේ. රස නිෂ්පත්තියට කිසිදු හානියක් නොවන්නට ඔවුන් තම සකලවිද කුසලතාවයන් හසුරුවා ඇති අයුරු  ප්‍රතිභාපූර්ණය.  ජත්‍යාලය ඔප් නන්වමින් සමාජ සංස්කෘතිකමය  වපසරිය සංවර්ධනයට ඔවුන් තම නිර්මාණ හරහා දායකත්වය  එක් කරන ලදී. එදා ගීතයෙහි ගැබ් වූ රසය  අදටත් යාවත්කාලීනය. මා වර්තමාන කලාකරුවා විවේචනය කරන්නේ නැත. නමුත් එදා සහ අද පවතින ගීත වල රසය කෙරෙහි මොහොතකට අවධානය යොමු කරමි. ඒ මන්ද යත් එදා වූ ඒ සුභාවිත ගීතය තුළින් අපි වැළදගත් දෑ බොහෝ වූ නිසාවෙනි. කාලය කොතරම් වේගයෙන් ගලා ගියද තාක්ෂණය කෙතරම් දියුණු උවද පුද්ගල  මනෝභාවයන් වල  වෙනසක්  සිදු වී නැත,. රසය ආත්මය කොටගත් මිනිසුන් අදටත් සමාජ සංස්කෘතියේ බහුලය. ජීවිතය තුළ ගැබ්වූ යථාර්ථය  එදා ගේය පද රචකයා මසැසින් දැක තිබුණි. මතුපිටින් නොපෙනෙන නමුත් එහි වූ අන්තර්ගතය ව්‍යංගාර්ථවත්ව පද ගැන්වූ ඔවුන් පුද්ගල මනෝභාවයන් වෙත ලෙංගතුව ආමන්ත්‍රණය කරන ලදී. ජීවිතයේ වූ නීරස සිද්ධීන් කැටිකොට ඒ තුළින්ද රසයක් ඉස්මතු කිරීමට උත්සුක විය. දුක සතුට අතර මැද  ගලායන ජීවිතය නැමති රඟමඩල තුළ ගේය පද රචකයා විටෙක අනුගාමිකයෙක් ලෙස අපූරවාදර්ශ ගෙන දෙන ලදී. නමුත් අද වන විට  බිහිවන ගීතවල වූ පදමාලාවෙහි මා එවන් අපූර්වත්වයක් නොදකිමි. ගීතය පුද්ගල මනෝභාවයන් විකෘති  කරවනා යෙදුම් කාරකයක් වැනිය. අද ගීතය තුළින්  රසයක් අත්විදීම වෙනුවට ඒ පිළිබඳව තවත් වතාවක් කණගාටු වීමට  සිතේ.
එදා වූ රසයට අද වන විට සිදුවූයේ කුමක්ද ? අනාගත පරපුරට වර්තමාන ගීතය හරහා ලබාදෙන්නේ කුමක්ද ? වර්තමාන ගීතය මත සාහිත්‍ය රසය අන්තර්ගත නොවන්නේ ඇයි ?
 උපදිනා ගැටලු  රාශියකි. පිළිතුර ඇත්තේ වර්තමාන ගේය පද රචකයා මතය. රසය ආත්මය කොටගත් නිර්මාණ බිහිකරන ගේය පද රචකයින් අනාගත පරම්පරාවේ වාසනාවට හෝ නැවත බිහිවේවායි ප්‍රාර්ථනා කරමි.

Saturday, July 21, 2018

වේදිකාව


ප්‍රාසංගික කලාවක වේදිකාවට හිමි වැදගත්කම හා වේදිකාවක ස්වභාවය පිළිබඳව අධ්‍යනය කිරීමට ප්‍රමාණාවත් උදාහරණ පෙර අපර දෙදිග නාට්‍ය කලාවන්ගෙන් හමුවේ. භරතමුණි  ප්‍රේක්ෂාගෘහය සහ එහි මිනුම් ක්‍රම , ප්‍රමාණය එය පූජනීය අවකාශයක් බවට පත්කරගන්නා ආකාරය ,හඞ විසර නොවී පවත්වා ගැනීම ආදී කරුණු කෙරෙහි සිය අවධානය යොමු කොට ඇත.ග්‍රීක නාට‍ය්‍ය රඟ දැක්වූ එළිමහන් වේදිකා ගැන තොරතුරු අධ්‍යනය කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස පැවතීම අතීත ප්‍රාසාංගික කලාවේ වේදිකා භවිතය කෙසේ විණි දැයි නිගමනයකට එළඹීමට අවස්ථාව සලසා ඇත. ඒ අනුව ක්‍රි.පූ. පස්වන සියවසේ සිට වර්තමානය දක්වා විවිධ හැඩ ප්‍රමාණ දක්වා විව්ත වේදිකා නිර්මාණය වී ඇත. වේදිකාව ප්‍රතික්ෂේප කළ අවස්ථා මෙන්ම 
    වීදිය,    කමත    එළිමහන,           පන්සල     පල්ලිය        කෝවිල
ආදී ලෙස විවිධ ස්ථාන වර්තමානය වන විට බඩු ගබඩා , අතහැර් දැමූ ගොඩනැගිලි ප්‍රාසාංගික කලාවට භවිතාවී ඇත.ලොව අතිශය විසිතුරු වේදිකා භාවිතය ප්‍රචලිත වූයේ බැලේ සහ ඔපෙරා භවිතයට පැමිණීමත් සමඟය.
ප්‍රොසීනියම් ආරුක්කු වේදිකාව

  • වේදිකාව
  •   වේදිකාව බෙදීම
  •   තිරය
  •   උඩුතිර
  •   පැතිතිර
  •   ගගනිකාව
  •   නේපත්‍ය
  •   ප්‍රවේශ මාර්ගය
  •   ආලෝක පරිපථ
  •   සන්ගීත කණ්ඩයම්
  •   ප්‍රේක්ෂකාගාර සැලකිය හැක.

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...