Saturday, June 30, 2018

අප්පච්චිට


අප්පච්චි......


උපන් දා සිට අපව තැනුමට
ඉසිලු දුක්ගිනි අනන්තයි නුඹ
නුවන් කදුලැලි වසන් කරමින්
වැගුරු දාඩිය නිමක් නෑ ඔබ.......

ගතට නැති දිරි සිතට ගත් ඔබ
මහා සක්විති රජු වීය මට
අමාවක ඇති දිනට අහසට
නිවහනට පෑ පුරසදයි ඔබ........

විටක හිරුවන් දැඩි උනත් ඔබ
පපුව උණුසුම සද සිසිල විය
පීතු පාදං කියන හැමවර
නුඔ නුවන් කදුලැලි දුටිමි මම........

කප්පරක් ආදරය පුදදී
කප්පරක් රැකවරණ මට දී
දහම සුසිරිත ඉගැන්නුවා මට
අප්පච්ච් ඔබ පහන් ටැඹ වී.......💗

.




Monday, June 25, 2018

ප්‍රති රචනයකි....

දයාබර විදුහල්පතිතුමනි....

ඔබ මා පුතනුවන්ට ඉගැන්විය යුතු දෑ එමටය...මා දන්නා පමණින් ඉන් බිදක් ලියා එවමි.විෂම වූ සමාජය තුළ ඔහු ගුණ දහමින් ඔද වැඩුණු පුද්ගලයකු වනු දැකීම මා සතුටට කරුණකි.මිනිසත් බව ලැබූමුත් සියල්ලන් මිනිසුන් ‌‌‌‌‌නොවන බව ඔහුට පහදන්න...වංචනිකයන් රජයන සමාජයක බැංකු පුරවන අධම පාලකයන් විසූ බවද..ඔවුන්ට විරුද්ධව නැගී සිටි නායකයන් රට තුළ වූ බවද මපුතුට පහදන්න....කළණ මිතුදම අගයන ...දුර්ජන ගති බිද දැමූ පිරිසක් රට තුළ වූ බවත්..පවසන්න...කාලය ‌‌කෙතරම් ඉක්ම ගියද  මහන්සි වී උපයාගන්නා රුපියලහි වටිනාකම ..උරුම වූ දායාද වලට වඩා වටින බව කියා ‌දෙන්න..පරාජය පිළිගැනීම ‌මෙන්ම ජය පැන් බීමටත් ඔහුට උගන්වන්න....

ලින්කන් ජනපති තම පුතණුවන්ගේ විදුහල්පති ‌වෙත යැවූ ලිපිය අනුසාරයෙනි...

Sunday, June 24, 2018

ඔබට කියමි.....

ඔබ......

හදවතින් දිවුරා මම නුඹට පුදදුන් .....
අමිල වු ආදරය හැරගියපු අපූරුව.....
මවිතයකි තවත් මට සත්තමයි මා සබද......
ආදරය කදුලක්ද ඉකි ගසයි සිත තවම.....

සාගරය පරදන්න ආදරය පිදුවමුත්....
හීන දහසක් අතර ජීවිතය විදි නමුත්....
දුක සතුට සම සිතින් විද දරා සිටි නමුත්...
සිත් අහස පාලු කර දුර ඈත ගිය නමුත්...

නුවන් යුග රිදුම් දී.. කදුලු කැට වැගිරුනත්...
තුන් හිතම හිරි වැටී...හදවතින් මියැදුනත්...
අදුරු කර මා දිවිය...නුඹ තුටින් නම් ඉතින්...
ඉඩ දුනිමි අවසරයි...සමුගනිමි මා ඉතින්.....


Wednesday, June 20, 2018

ජීවිතයට ඔවදනක්...

ඔවදනක්.......

විවාහය...හා සංචාරයට ඔබ ඉක්මන් වීම හානිදායකය....කාලය..මුදල්...හා ඔබ සතු ශක්තිය විනාශය අවම කළ යුතුය....අහංකාරය හා අනුකම්පා විරහිත බවද අයුක්තියද පිටු දකිමින් නිර්භීතකම හා මහත්මා ගුණයටත් දයාවටත් ඔබ ආදරය කල යුතුය....වාචාලකම හා කම්මැලි කම පිටුදැක ඉක්මන් තීරණ වලින් වැලකිය යුතුය..සෑමදිනම සතුට හා හැකියාව අප අගය කල යුතුය.යහපත් ගුණධර්ම  සෑම දිනම අාරක්ෂා කල විට වටිනා ජීවිතයක් ඔබට ලබා ගත හැක......


Tuesday, June 19, 2018

කාලය

කාලය.........

කුරුල්ලකු කුහුඹුවකු ආහාරයට ගැනීම සුලභ දසුනකි.කුරුල්ලා මිය ගිය විට කුහුඹුවා කුරුල්ලාව අාහාරයට ගැනීම ඊටත් වඩා සුලබ දසුනකි.කාලය ඒ අයුරින් හරි අපූරු පාඩම්...අත්දැකීම් උගන්වයි.තත්පරය ජීවිතයක ඇති කරන පරතරය මහ පුදුමාකාරය....කදුල සතුට කිරීමටත්...සතුට කදුල කිරීමටත්...කාලය ඉතා දක්ෂය.....
කිසිම දිනයක පුද්ගලයකු හෑල්ලුවට ලක් කිරීම අත්හැරිය යුතුය...මන්දයත් සුලු ඉඩ හසරකදී ඔබව හෑල්ලුවට ලක් වීමට ඉඩ ඇත..මදක් සිතන්න.කාලයත් කර්මයත් අතර මහ පරතරයක් නැත.එබැවින්  කාලය ඵලදායීව හසුරුවා ගුණ යහපත්කම පතුරවන්නට උත්සහ කලවිට ඔබට වටිනා ජීවිතයක් උරුම වනු නියතය......



Monday, June 18, 2018

සිත..........

සිතක අරුම......

ජීවිතය හරි පුදුමාකාරයි...සිනහවත් කදුලත් අතර වන්නා වූ පරතරය දශමයකි.ඒ තුළින් මතුවන යථාර්ථවාදී අර්ථය ඉතා පුලුල් වූවකි.සිතකට දුර ගමන් යා හැක. ජීවයකට යාමට අපහසු තැන් පවා ස්පර්ශ ‍කිරීමට සිතකට හැකියාව ඇත.ජීවිතයක තීරණ ගැනීම සිදු කිරීමට මුල් වන්නටද සිත අවස්ථාව සලසා ගනී.ඒ ගන්නා තීරණ ජීවිතයක් පුරාවට බලපාන අයුරු මහ පුදුමාකාරයි.ඇතැමකු තමන් ගැන තමන් ගත් තීරණ ගැන තවත් පාරක් සිතයි.තවත් සමහරකු පුලුල්ව සිතා තීරණ ගනී.තවත් සමහරකු තීරණයක් ගැනීමට බැරිව සිත හා සටන් කරයි.තවත් අයකු ගත් තීරණ නිසා දුක්වන අතර සමහරකු මුලු ජීවිතයම ගත් තීරණ නිසා විදවයි.එය ජීවිත යථාර්තයයි.සිත අපට අයිති බව සැබෑවකි.නමුදු සිත පාලනය කිරීම ඉතා කල්පනා කාරීව සිදු කල යුතුය.මන්දයත් එය අප ජීවිතය තීරණය කරනා බැවිනි.

Friday, June 8, 2018

ජීවිතය..........

මතුපිටින් සුන්දරවූත් සැහැල්ලු වූත් කුරුලු පිහාටුව ජීවිතය හා මම සසදමි. එහි ඇති ගති ලක්ෂණ ගැන සාකච්චා කිරම ඉතා වැදගත්ය.....කුරුලු පිහාටුව කුරුල්ලාට අයිතිය.... අත්තටු යුවල කුරුලු පිහාටු සමූහයක් එකතු වී නිර්මාණය වී ඇත.කුරුලු පිහාටු කුරුල්ලාට අහිමි වීම කුරුලු ජීවිතය අවසන් කාලය බව හගවයි.එය  ජීවිතය තුළ අනියත බව මනාවට පසත් කරයි.මිනිස් ජීවිතය තුළ සුන්දර වූ යම් යම් වැඩසටහන් වූවද ඒවායින් සැනසීමකට හා තෘප්තියකට පත්වීමට මිනිස් වර්ගයා අසමත් වී ඇත. කුරුලු පිහාටුවක් බදු සංකීර්ණ ජීවිතය කුමන අවස්ථාවකදී කුරුල්ලාට අහිමි වී යන අකාරයටම මිනිස් ජීවිතයද බාහිර අලංකරණ අතහැර කුමන අවස්ථාවක, ජීවිතය අතහැර  යා යුතු කාරණය ,නියාමයකි....එවැනි සංදර්භයක් තුළ මිනිසා ජීවිතය තව තවත් අල්ලා ගැනීම අවාසනාවට කරුණකි. ජීවිතය  පැවැත්මට  සබදතා අවැසි බව මම පිළිගනිමි.නමුත් ...............මදක් සිතන්න........ එකකට එකක් සම්බන්ධ වීම ජීවිතය හැටියටත් ඒවා විසන්ධි වීම මරණය බවත් මම හදුනා ගනිමි.........


Monday, June 4, 2018

MAHASEN NATIONAL SCHOOL

මහසෙන් මවුනි නුඹටයි මේ උපහාරය........

මහසෙන්  බොදු විදු පියසේ.......
මාගලු වැව් පවනැල්ලේ......
දැනුම ගුණය  නොඅඩුව දෙන....
පහන්ටැඹක් මයි නුඹ මට......
ශිල්ප සතර ඉගෙනීමට....
ඔබෙන් ලැබූ පන්නරයට.....
තුති පඩුරක් විලසින් මම......
පුදනෙමි කවි සිතක් නුඹට.....

මවුනි මහසෙන් ....සිහිකරමි  හද බැතින්............

උපහාරයක්ම වේවා..........

  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...