Thursday, July 19, 2018

වියපත් බඹරා........


අමරණීය නිර්මාණ……………
 .
පේරාදෙණිය සරසවිය තුළ අධ්‍යාපනය හැදෑරූ ධම්මික බණ්ඩාරයන් ගේය පද රචනා තුළින් තමන් සතු අනගි ප්‍රතිභාව සමාජ ගත කර ඇත. ඔහු අතින් ලියවුණු අනගි නිර්මාණ අතර මගේ පුන්චි රෝස මලේ ගීතයත් ,හන්තානට පායන සඳ ගීතයටත් හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහු රචනා කළ කාව්‍ය සංග්‍රහ අතරට 1990  අහෝ මිත්‍රවරුනි වැනි නිර්මාණ සැලකිය හැක.
 1926 ජූලි 21 දින උපන්  සේනාධිරගේ අමරසිරි පීරිස් ඇල්බට් පීරිස් හා ඇම් කේ ඇසිලින් යන යුවළගේ වැඩිමල් දරුවා විය. 1962 රජයේ සංගීත විදුහලට ඇතුල් වී අමරදේවයන් වැනි අමරණීය ගුරු ඇසුර ලබන ලදී.පසු කාලීනව දක්ෂ ගායකයකු මෙන්ම වයලින් වාදකයකු ලෙසද ඔහු කටයුතු කරන ලදී.
ධම්මික බණ්ඩාරයන්ගේ නිර්මාණාත්මක පද මාලාවට අමරසිරි පීරීස්  කලාකරුවාගේ හඞ ඒකාත්මික කරමින් ඩැනිස්ටර් පෙරේරාගේ ස0ගීතයට අනුව බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස මගේ පු0චි රෝස මලේ ගීතය සැලකිය හැක.
එක්තරා ගායක අත්දැකීමක් මෙහි ඇතුළත් වන අතර සංගීත පංති පැමිණි සිසුවියකට ගුරුසිතක හටගත් ආලයක් මෙහි හුවා දක්වයි.මෙහිදී ගායකයා නැතිනම් ගුරුවරයා වයසින් ඉතා වැඩිය. මෙම අත්දැකීම  ධම්මික බණ්ඩාරයන්   වස්තු විශය කොටගෙන එම ගීතය රචනා කර අමරසිරි පීරිස් නම් වූ අද්විතීය ගායකයා ලවා ගායනා කර සමාජ ගත කරන ලදී.
 කුඩා සිසුවිය පොඩි රෝස මලකට සමකල ඔහු වියපත් බඹරකුට තම චරිතය සමාන කරයි. ඇ‍ය ජීවිතයේ කෙදිනකවත් තම ගුරුවරයාගෙන් මෙවැන්නක් බලාපොරොත්තු නොවේ. එනිසා ඇය සිහිනෙකින්වත් මොහු නොදකින බව දැනත් ඔහු ඇයට  ආදරය කරයි. එසේ ගලායන අමරණීය ආදරයක් මෙම නිර්මාණයෙන් ඉස්මතු වේ.

Tuesday, July 17, 2018

කලාව යනු


කලාව යනු

අපරදිග ශිෂ්ටාචාරයේ ආරම්භය සිදුවන්නේ ග්‍රීසියෙනි. එවක ප්ලේටෝ නම් දාර්ශනිකයා කලාව මෙසේ අරුත් ගන්වන ලදී.
"කලාවට ජනතාවගේ ගුරුවරයා වීමට අයිතියක් නැත, එය උන්මාදයක් වැනිය. රාජ්‍යයෙන් පිටමන් කළ යුතුය යන්නයි."
ප්ලේටෝ ගේ ශිෂ්‍යයා වූ ඇරිස්ටෝටල් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන ලදී.
"කලාවට කාර්යයක් ඇති නිසා බැහැර කල නොහැකි බවත් , මනස සුවපත් කිරීමට කලාවට හැකි බවත්  ජීවිතයට අරුත් ගැන්වීමට ඉන් හැකි බවත් ,ජීවිතයට ගුරුවරයෙකු වීමට කලාවට හැකි බවත්ය."
කලාව තුළ ප්‍රබල මනෝභාවයන් ප්‍රකට වෙයි. එම නිසා කලාවට ප්‍රබලත්වයක් ඇත. ඇරිස්ටෝටල් ව්ද්‍යාත්මක පසුබිම මත කලාවේ ශඛ්‍යතාවය අරුත් ගන්වන ලදී. යුනෙස්කෝ උරුමයක් ලෙස කලාව ගැන ප්‍රබලව අවධානය යොමු කර ඇත. කලාව අතීතයේ රට ගැන හෝ පෙරදිග අපරදිග ජාතිකත්වය ගැන වර්ගීකරණය විණි. සමූහ නිර්මාණයක් බිහිවීම සාර්ථකය. මෙහි නිර්ණායක සමූහයකි. ප්‍රේක්ෂක සම්ණූහයක් ඉදිරියේ නිර්මාණයේ සාර්ථකත්වය  ප්‍රසා0ගික කලාව වේ. ප්‍රසා0ගික කලාවක් සජීවී විය යුතුය. අනුන්ගේ වේෂයකින් හෝ ස්වකීය වේෂයකින් නරඹන්නා ඉදිරියට පැමිණිය යුතුය. ඔවුනොවුන් අතර සහසම්බන්ධය වැදගත් වේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිශය වැදගත් කොට සලකයි. කැමරා කාචයෙන් රූගත කොට ඉදිරිපත් වන සිනමාව රූපවාහිනී මාලා නාටක ප්‍රේක්ෂකයාට මේ අවස්ථාව ලබා දෙන්නේ නැත. ඒ අයුරින් මෙම කලාව ගැන සාකච්ඡා කළ හැක.




Saturday, July 14, 2018

කලා රසය

වංකගිරියට මාරුවීම

එදා රත්න ශී්ූු නම්වූ යුගයක වාසනාවට පහළ වූ අද්විතීය කලා කරුවා රටටත් සමාජයටත් සිදුකල ඇති දායාදය අතිමහත්ය. තම නිර්මාණ සිය පාඨකයාට භාවපූර්ණ විලස එක් කිරීමට ඔහුට හැකි වී ඇත.ඔහු විසින් සිදුකල නිර්මාණ අතර වංකගිරියට මාරුවීම මා දුටු අනගි නිර්මාණයකි මා එහි වඩාත් අගය කර සලකන පද පිළිබඳ
විමසමි.

සිය දයාබර බිරිඳව නිවස තුළ රදවා දූදරු අනාගතය සුරක්ෂිත කරන්නට රැකියාව සඳහා යන දයාබර සැමියකු තම සිතුවිලි අතර සිදුකරන අද්විතීය වදන් සමූහයක් එම නිර්මාණය තුළ අන්තර්ගත වී ඇත. කදුලු කැට පිසදමා අලුත් දවසක ඇරඹුමකට තනිව සටන් කිරීමට ඔහු ඇයට උගන්වයි.  පුංචි දරුවන්ට අකුරු කරවීමටත් අසනීප සිදුවූ විට රැක බලා ගැනීමටත් සමාජ පංතිය හමුව මත කුණු බැනුමින් විටක දිවි සැරසීමටත් ඇයට සිදුවන නමුත් ඒ සියලු දෑ ඇයට පවරා සැමියා රැකියාව සඳහා යන අවස්ථාවක ඔහු ඇයට වූ ආලය කවිපද හරහා මතු කරන අයුරු ඉතා අපූරුය.

කිරි ශිරා දහසක් ළමැදට ඇදී ආවත් පියයුරන් බිම බලා සිටියත්  දහසකුත් දුක් ඉදිරි දිවිය තුළ දරා ගැනීමට සිදුවන බව සැමියා ඇයට පවසයි.නමුදු පණ විලස දරුවන් සුරකින්න යැයි ඇයට අවධාරණය කරයි.ඔහුට තම බිරිඳ සඳ මඩලකි.  තම නිර්මාණය අවසානය තුළ දි දයාබර බිරිඳක විලස හිමාලයට විත් සිත මත සඳුන් තවරන්න යැයි ඔහු ඉල්ලා සිටී.
නිර්මාණය ඒ අයුරින් නිමා කළද තම නිර්මාණය හරහා අපූර්ව සිදුවීම් රැසක් පාඨකයාට දායාද කිරීමට ඔහු සමත් විය.


Tuesday, July 10, 2018

උන්මාද වූ ආදරය

 උන්මාද වූ ඇය

එක්ටැම් මැදුරක සිර කර තැබුවද
ආලය  කෙලෙසද සගවන්නේ...
දීඝ ගාමිණී කුමරුගෙ ප්‍රේමෙන් 
මුසපත් මම චිත්රා වන්නේ.......
ලොවේ මිහිර දෙනුවනින් විඳින්නට
සොයුරන් මට ඉඩ නැහැ දෙන්නේ...
යොවුන් හදවතට ආදර රසයක්
සොයමින් කුටියක ලතවෙන්නේ.....
කුමරු ගාමිණී සෙනෙහස පාමුල
මව් පදවිය මා ලැබගන්නේ....
සොයුරන් දසදෙන කෝපෙන් මත්වී
පුතුගෙ උපත තෙක් ලතැවෙන්න‍ේ
සුන්දර රූපය හිමිවුනෙ ඇයි මට
එබැවින් අද දුක උපදින්නේ....
දසමස කුස දැරු මගේ පුතණුවන්
කෙලෙසද මැරුමට ඉඩ දෙන්නේ...
විළි රුදාව කුස දෙදරා කකියයි
ගිනි කන්දක් සේ දරු දුක ඇවිළෙයි...
සොයුරන් දසදෙන කෝපෙන් දෙස්දෙයි...
මේ කරදර මැද මගෙ පුතු බිහිවෙයි....
මව් පදවිය ලබමුත් මේ දිවි මග
උරුමය නැහැ දරු සුරතල් විඳිනට...
පණ රැකුමට මා පුතුහට හෙටදින
ගොපලු ගමක් වෙත යැව්වයි  ශෝකෙන...
දෙතන එරුණු කිරි කෙසේ පොවන්නද
තුරුලට ගෙන කෙලෙසින් නළවන්නද...
මව් සෙනෙහස කෙලෙසින් පුද දෙන්නද
කෙසේ පුතුනි නුඹ නොබලන් ඉන්නද....
දිනක පුතුනි ඔබ මහ රජු වීලා
මව් රට රකිණුය සෙනෙහෙ පුදාලා...
දුරස් කළේ නුඹෙ හෙට ගැන හිතලා
දෙවියනි බාරයි මගෙ රජ කුමරා.........

Sunday, July 8, 2018

මිහිරි ගිය දුර ගමන

 මිහිරි

නිල් උපුල් මල් මිටිය
දෑත මත රදවාන
උදා හිරුටත් කලින්
ඈ ගියා පාසලට......
පළමු අසුනම ඇයට
අපි දුන්නා හැමවිටම
එතරම්ම ඈ එදා
කැපවුණිය පාඩමට.....
කාලයක් ගතඋනිය
මිහිරි දැන් තරුණ විය
දිගු නීල වරලසට
දුටු දනන් වශී විය.....
ආලයක හිත වැටී
පාඩමින් දුරස් වී
මිහිරි ගිය දුර ගමන
තවම හීනයක් වී.....
දුටිමි මම ඈ එදින
මවක් වී ඔහු සමග
නුවන් කදුලැලි මුවින්
ඇමතීය ඈ මාව...
කියන්නට යමක් තව
නැතිනමුත් ඈට තව
සිනාසී හදවතින්    
සමුදුනිමි ඈට මම........

Thursday, July 5, 2018

පුලුවන්නම් උත්සහ කරන්න

තවත් වතාවක් හිතන්න......

අපි.... ජීවිතය නැමති රග මඩල තුළ රගනා නලු නිළියන් වීමු.අදහස්...සිතුවිලි...චර්යා.. විවිධාකාර උවද එකම අහසක් යට අපි ජීවිතය විදිමු.ඒ ගතවන කාලය තුළ ජීවිතයට එක්කාසු කරවන දුක සතුට අතරමැද ගලායන ජීවිතවල යථාර්ථය විමසා බලන්නට විටක සිතුනද සියල්ල අවසානය වන විට දුක පමණක් ඉතිරිවීම ධර්මතාවක් බව මට වැටහිණි.මිල මුදල මත වටිනාකම් තහවුරු වන විට තවත් දවසක් ගැන සිතීම උපහාසයට කරුණකි.නමුදු සියලු දනන් ජීවිතයට උර දී ඇත.උරුම වී ඇති ජීවිතය කුමන අාකාරයකට එනම් දුකින් නැතිනම් සතුටින් විදීමට අපි හුරු වී සිටිමු.නමුත් අප අවසානයට ඉතිරි කරගත් දායාදය කුමක්ද? මිල මුදලින් වත්කමින් ඔබ ඉහළ අයකු විය හැක.නමුත් මිනිසත් බවින් ඔබට හිමි ස්ථානය කුමක්ද? දැනුමින් ..වත්කමින් අප ධනවත් වීම වැරදි නැත.නමුත් එයට මිනිසත්කමත් එක් වූ විට හිමි වන වටිනාකම ගැන මදක් සිතන්න....ආයාසය මගහැර හදවතින් පුද්ගලයකු අගයන්න....සිනහව...සතුට .....ආදරය..... අතරමැද අවංකව  ගුණධර්ම පිළිපදින්න....බාධක පැමිණියද...හිත් රිදීම් වූූවද .....ඔබ එය සම සිතින් දරයි නම් ඔබ ධනවතකු වී හමාරය...මිනිසත් බවට ගරු කරන්න...පුලුවන්නම් උත්සහ කරන්න.මුදලට පළමුව ජීවිතයට වටිනාකමක් එක්කරන්න...

Sunday, July 1, 2018

ඇය

වීදි දියණිය..........

ඇග පුරා දූවිලිය....
මුව පුරා කලු දැලිය.....
ඇදුණු නිය විසකුරුය....
නමුදු ඇය තව ඉතා ලදැරිය....

ලාමකය තව ඈට හිමි සම....
නමුදු මහ වණ ඇත දණිස මත....
කදුලු කැට ඇත නුවන් යුග තුළ....
නමුදු ඉවසයි ඈ සුසුම් හැර....

ඇය ඉදිරිපස කාසි බදුනකි....
ඇය නුවන් හැර පිහිට ඉල්ලති....
අන්ධ මව ඈ අසල නිහඩව ....
කල්පනාවක දුක් සුසුම්ලති.....

දීසියට එක කාසියක්...
වැටුණු විට මුව ඇත මලක්...
කුසගින්න රජයන දිනක්....
ඈට නැත එහි අරුමයක්...

දුක සැපය සමබරය ඈ හට....
පුංචි දූ සම සිතින් ඉවසන...
ඇයිද දහමක් පැවති අප රට...
දරු දුකක් අද අන්ධ මව් හට.....



  නාරි මල මා වෙමි ලතා...... දහස් නෙත් කරකවා සලෙලුන්  කරන ඉගිබිගි ඇස් කතා  නිරැත්තර වී උක්කුටුව හිද විදිමි අවමන් උන් නිසා දුටුව මා ගත වශී කරන...